April 27, 2024

වැලිකඩ සිර ගෙදර හදිසි සෝදිසියක් - හමු වූ දේ මෙන්න

February 28, 2021

වැලිකඩ බන්ධනාගාරයේ චැපැල් අංශයේ සිදු කළ විශේෂ සෝදිසියකදී ජංගම දුරකථන ඇතුළු උපකරණ තොගයක් සොයා ගත් බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

එහීදී ජංගම දුරකථන 11 ක්, සිම් කාඩ්පත් 04, බැටරි 08 ක් සහ චාජර් 06 ක් සොයාගෙන ඇති බව චන්දන ඒකනායක මහතා සඳහන් වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසිය.

“වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශය විශේෂ සෝදිසියකට ලක්කළා. ඒක බන්ධනාගාර කොමසාරිස්තුමාගේ නියෝග මත සිදුකරේ. එහිදි ජංගම දුරකථන 11ක්, සිම් පත් 4ක්, බැටරි 8ක් හා චාජර් 6 කුත් සොයාගත්තා. ඉදිරියේ දී කොළඹ අවට බන්ධනාගාරවල මෙවැනි හදිසි සෝදිසි කිරීම් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.“

Rate this item
(0 votes)