April 26, 2024

සෞඛ්‍යාරක්ෂිත උපකරණ තොගයක් චීන තානාපති කාර්යාලයෙන් කටුනායක ගුවන් තොටුපළට

February 26, 2021

කොරෝනා වසංගත රෝගී තත්වයෙන් ගුවන් තොටුපළ සේවකයින් ආරක්ෂා කර ගැනීම සදහා සෞඛ්‍යාරක්ෂිත උපකරණ තොගයක් අද (26) දින උදෑසන ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත පරිත්‍යාග කර තිබේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයත්, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමත් අතර දිගු කාළයක් තිස්සේ පවත්වා ගෙන එනු ලබන ඉහළ මිත්‍රශීලීභාවයත්, දිනෙන් දින වර්ධනය වන සසහයෝගිතාවයත් මුල් කර ගනිමින් මෙම පරිත්‍යාගය සිදු කර තිබේ.

එසේ පරිත්‍යාග කළ  උපකරණ අතර ආරක්ෂිත ඇදුම් කට්ටල 270 ක්, පාවහන් ආවරණ පෙට්ටි 01 ක්, බැහැර ලිය හැකි මුහුණු ආවරණ 24,000 ක්, කේ.එන්.- 95 මුව ආවරණ 4,800 ක්, ආරක්ෂක ඇස් කණ්නාඩි 120 ක්, අත් ආවරණ 500 ක් සහ ජීවානුහරණ ලාම්පු  උපකරණ 05 ක් ද තිබුණි .

මෙම උපකරණ භාර දීම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී 02/26 දින උදෑසන පැවති උත්සවයකදී සිදු කෙරුණු අතර, එම උපකරණ ප්‍රදානය  සදහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශක හූ වෙයි මහතා සහභාගී වූ අතර, ඒවා භාර ගැනීම සදහා සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු වී.ඒ.ආර්.එස්.සෝවිස් මහතා විසින් සිදු කෙරුණි.

Rate this item
(0 votes)