April 27, 2024

කොටි සංවිධානයේ කෲරත්වය පෙන්වන වීඩියෝවක් එළියට - මෙතෙක් කල් නොදුටු සත්‍යයත් හෙළිවෙයි

February 25, 2021

මෙරට වසර 30ක කාලයක් ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ කෲරත්වය පිළිබඳව දැක්වෙන අති සංවේදී දර්ශන සහිත වීඩියෝවක් මේ වන විට ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

යුටියුබ් සමාජ මාධ්‍යයේ නාලිකාවක් විසින් මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදාහැර ඇති අතර එහි එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් බල්ලන් සහ එළුවන් යොදාගෙන බෝම්බ ප්‍රහාර අත්හදා බැලූ ආකාරයද එම වීඩියෝවේ ඇතුළත් වෙයි.

එමෙන්ම කොටි සංවිධානය විසින් දමිළ පවුල්වල දරුවන් එම සංවිධානයට බඳවා ගත් ආකාරයත් ඔවුනට යුද පුහුණුව ලබා දුන් ආකාරයද මෙම දර්ශනවල අඩංගු වීම විශේෂත්වයකි.

ලෝකයේ කිසිදු ත්‍රස්ත සංවිධායනයක් නොකළ අන්දමේ කෲර යුද අභ්‍යාස මෙම වීඩියෝ දර්ශනවල කොටි සංවිධානය පුහුණු වන ආකාරය ද දැකගත හැකිය.

ලෝක මානව හිමිකම් සංවිධානයන් හෝ යුරෝපයේ සිටින කොටි හිතවාදී පිරිස් මෙම සත්‍ය පිළිබඳව නොදන්නවාදැයි ද එම වීඩියෝවේ දී ප්‍රශ්න කර තිබේ.

මෙම වීඩියෝ අතර වර්ෂ 1989 පටිගත කරන ලද වීඩියෝ දර්ශනද ඇතුළත් වන අතර, මෙරට මිය ගිය යුද හමුදා සෙබළුන්ගේ සිරුරුවලට වෙඩි තබමින් සහ පහර දෙමින් සිටින එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සිය කෲරත්වය පෙන්වන ආකාරයද ඇතුළත් වී තිබේ.

මෙම වීඩියෝ සටහනේ පවසන ආකාරය මෙම දර්ශන ලබාගෙන ඇත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානය තුළ ඇති අධි රහසිගත තොරතුරුවලින්ය.

එම වීඩියෝ දර්ශනය පහතින්,

 

Rate this item
(11 votes)
Last modified on Thursday, 25 February 2021 23:43