April 26, 2024

"වි.ජ.මු කතානායක කළේ ජ්‍යොතීර්වේදියෙකුගෙන් අහලා" (VIDEO)

February 25, 2021

හිටපු කතානායක වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා කතානායක ධූරයට පත් කළේ ජ්‍යොතීර්වේදියෙකුගේ විමසීමෙන් අනතුරුව බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(25) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව සඳහන් කලේ අද දින පාර්ලිමේන්තු සභා වාරයේ වි.ජ. මූ. ලොකුබන්ඩාර මහතා පිළිබඳව ශෝකය පළ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

"එතකොට අපි හිටියෙ විපක්ෂයෙ.අපි බොහොම උනන්දුවෙන් හිටියෙ එතුමා පත්කරගන්න. ඉතිං අපි කළින් දවසෙ ගියා ජ්‍යෝතීර් වේදියෙක් හම්බවෙන්න. මෙතුමා දිනයිද කියල දැනගන්න. ජ්‍යෝතීර්වේදියා කිව්වෙ. දොලහෙන් පස්සෙ ඡන්දෙ ගත්තොත් දිනුම් කියලා. දහයට අපි රැස්වුණා, නීති තර්ක ආවා, පර්ලිමේන්තුව කාලගෝට්ටියක් වුණා. අන්තිමට එකෙන් පස්සෙ ඡන්දෙ ගත්තා. ආන්ඩු පක්ෂෙ කිහිපදෙනෙකුත් චන්දෙ දීල එතුමා කතානායක වුණා."

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 February 2021 12:54