April 27, 2024

විජේගේ මව විජේට අන්තිමට කියපු දේ : "උඹ ගිහින් ඒ අම්මලාව සනසලා වරෙන්"

February 23, 2021

වෙඩි තබා ඝාතනය කළ විජය කුමාරතුංගයන් හා ඔවුන්ගේ මව වන බියට්‍රිස් කුමාරතුංග මහත්මිය අතර සිදු වූ අන්තිම දෙබස පිළිබඳව විජය කුමාරතුංග මහතාගේ සොහොයුරිය ආවර්ජනය කරයි.

විජය කුමාරතුංග මහතාගේ මව ජීවත් වූ නාරාහේන්පිට තලකොටුවවත්තේ නිවසේ සිය මෑණියන්ගේ ඇඳ කොණක වාඩි වූ විජයගෙන් මව පවසා තිබෙන්නේ "උඹ අරෙහෙ මෙහෙ යනවා, උඹව මරනවා කියලා පණිවිඩ එනවා, පණිවිඩකාරයෝ අත තුණ්ඩු එවනවා." කියා අඬමින් ප්‍රකාශ කළ බවය.

බියට්‍රිස් කුමාරතුංග මහත්මිය තරහ ගිය විට උඹ කියා ආමන්ත්‍රණය කරන බවද සඳහන් කරන විජය කුමාරතුංග මහතාගේ සොහොයුරිය සිය මවගේ එම ප්‍රකාශයට පිළිතුරු ලෙස විජය කුමාරතුංග මහතා සඳහන් කර තිබෙන්නේ "අම්මා ඔය හිතන්නේ පුතාව කොහේ හරි මරයි කියලනේ. අම්මා දන්නවද තමන්ගෙ දරුවා අම්මා මැරුවා කියලා දන්නවා මිස මැරුන තැන වත් දන්නෙ නැති අම්මලා කොච්චර ඉන්නවාද?" කියාය.

විජය කුමාරතුංග මහතාගේ එම ප්‍රකාශයෙන් වේදනාවට පත් ඔහුගේ මව පිළිතුර ලෙස සඳහන් කර තිබෙන්නේ "උඹ ගිහින් ඒ අම්මල සනසලා වරෙන් මං මෙතන මැරෙනකං" කියාය.

විජය කුමාරතුංගයන් සහ සහ ඔහුගේ මව අතර සිදු වූ අන්තිම කතාබහ එය බව විජය කුමාරතුංග මහතාගේ සොහොයුරිය වූ රූපා කුමාරතුංග මහත්මිය සඳහන් කරන්නේ යූටියුබ් චැනලයක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

විජය කුමාරතුංග මහතාව 1988 පෙබරවාරි 16 වැනි දින වෙඩි තබා ඝාතනය කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 February 2021 15:23