April 27, 2024

පාලිමේන්තුව දිගටම උණුසුම්! පාස්කු වාර්තාවත් ඇදෙයි

February 23, 2021

රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද මුල්කොට ගෙන උණුසුම් වූ පාර්ලිමේන්තුව යළිත් වතාවක් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තාව මුල් කොටගෙන උණුසුම් විය.

නිරෝෂන් පෙරේරා විපක්ෂයේ මන්ත්‍රීවරයා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තාව අද ( 22 ) පාර්ලිමේන්තුවට ලබා දෙන බව ප්‍රකාශ කළද එය ලබා නොදීම මෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාර වාර්තාව අධ්‍යනයට පත් කළ ආණ්ඩු පක්ෂ මැතිඇමතිවරුන්ගෙන් යුත් කමිටුවේ අපොස සාමාන්‍ය පෙළ අසමත් අය ද සිටින බවත් එම කමිටුව අගරද ගුරු විසින් ප්‍රතික්ෂේප කොට තිබෙන බවත් ප්‍රකාශ කිරීමත් සමග විවාදාත්මක තත්ත්වය ඇතිවිය.

එහිදී නැගීසිටි විපක්ෂයේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිටින අපොස සාමාන්‍ය පෙළ සමත් අසමත් අය සභාවට දැනුම් දෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.

එහිදී නැගී සිටි ලංසා රාජ්‍ය අමාත්‍යවරයා, හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අපොස සාමාන්‍ය පෙළ අසමත් බවත් ඔහු අධ්‍යාපනය ලැබූ පාසලෙන් එය තහවුරු කරගත හැකි බව සඳහන් කළ අතර ඊට ප්‍රති පිළිතුරු දෙමින් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් හෙට තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවේ සභාගත කරන බවත් ලංසා රාජ්‍ය අමාත්‍යවරයාටද ඔහුගේ සුදුසුකම් ඉදිරිපත් කරන ලෙස අභියෝග කරන ලදී.

ඉන් නොනැවතුණු හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා දී වත්තලදී කාන්තාවකගෙන් සෙරප්පු පාරක් කෑ රාජ්‍ය අමාත්‍යවරයෙකු පිළිබඳවද හෙළිදරව් කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 February 2021 13:48