April 27, 2024

සංචාරයට පැය 24කට පෙර වාස්ගේ අස්වීම පිළිබඳව මම කනගාටු වෙනවා - පීඩාවට පත් වන්නේ ක්‍රීඩකයන් : නාමල්

February 23, 2021

ශ්‍රී ලංකා ඡාතික පිලේ වේග පන්දු යවන පුහුණුකරු චමින්ද වාස් මහතාගේ ඉල්ලා අස්වීමේ සාධාරණත්වය අසාධාරණත්වය පිළිබඳව තමා කතා කිරීමට සූදානම් නැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලදී.

එහෙත් තම රටේ ජාතික කණ්ඩායම විදේශ ගත වෙන්න පැය 24කට පෙර චමින්ද වාස් මහතා ඉල්ලා අස්වීම පිළිබඳව තමා පෞද්ගලිකවම කනගාටු වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

පාලක මණ්ඩලය සමඟ මොන ගැටලුව තිබුනත් අසාධාරණයට ලක්වන්නේ ක්‍රීඩකයන් බවද පෙන්වා දෙන අමාත්‍යවරයා විශේෂයෙන්ම එළඹෙන 2023 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කොටගෙන තරුණ කණ්ඩායමක් එම සංචාරයට සහභාගි වන අවස්ථාවක චමින්ද වාස් මහතා ඉල්ලා අස්වීම් පිළිබඳවද තමා කනගාටු වන බව අමාත්‍යවරයා සදහන් කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ විපක්ෂයේ තුෂාර ඉදුනිල් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 February 2021 11:46