May 17, 2024

පොලිස් ස්ථාන 6ක නිලධාරීන් TNA මන්ත්‍රී රාසමානික්කම් සොයා යයි

February 21, 2021

දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු මන්ත්‍රීවරයා වන ශානක්‍ය රාසමානික්කම් මහතා සොයා (19) දිනයේදී පොලිස් ස්ථාන 6ක නිලධාරීන් ඒ මහතාගේ කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව මුතූර්, කාත්තන්කුඩි, කිලිනොච්චි, මාන්කුලම්, වාලච්චේන සහ සමන්තුරේ යන පොලිස් ස්ථානවල නිලධාරීන් මෙසේ මන්ත්‍රීවරයාගේ කාර්යාලයට පැමිණ ඒ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

පසුගියදා මඩකලපුවේ සිට යාපනය දක්වා සිදුකළ පාගමන සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ගෙන ඇති බව දැනගන්නට ඇත.

මන්ත්‍රීවරයා මෙහිදී දැනුම් දී ඇත්තේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙසේ පාගමනේ නිරත වූ බවකි.

Rate this item
(0 votes)