May 15, 2024

වාසු මාස 6කට කොවිඩ් එන්නත එපා කියයි

February 19, 2021

කොවිඩ් එන්නත තමන්ට මේ මොහොතේ අවශ්‍ය නැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා එම අදහස් පල කලේ අනුරාධපුරය ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.

කොවිඩ් වෛරසය වැළදුණු බැවින් තවම ශරීරයේ අවශ්‍ය ප්‍රතිශක්තිය පවතින බව අමාත්‍යවරයා සඳහන් කරයි.

රටේ සියළු දෙනාට එන්නත ලබා දෙන නමුත් මන්ත්‍රීවරුන් ජනතාව සමඟ ගැවසෙන බැවින් ඔවුන්ට ප්‍රමුඛතාවයක් ලබා දී ඇති බව ද ඒ මහතා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)