May 17, 2024

සනත් ජයසූරියත් අද එන්නත විදගෙන - විදගත්තේ කොහොම දැයි ප්‍රශ්නයක්?

February 18, 2021

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා අද (18) කොවිඩ් එන්නත විද ගැනීම පිළිබඳව මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබේ.

ඒ ජයසූරිය මහතා මෙම එන්නත විද ගත්තේ කුමන කාණ්ඩය යටතේ ද යන්න පිළිබඳව නැගෙන ප්‍රශ්නය මුල්කොටගෙනය.

ජයසූරිය මහතා එන්නත විද ගන්නා අයුරු දැක්වෙන ඡායාරූපයක් මේ වන විට සමාජගත වී තිබේ.

මේ වනවිට කොවිඩ් එන්නත ලබාදෙන කිසිදු කාණ්ඩයකට 51වැනි වියේ පසුවන ජයසූරිය මහතා අයත් නොවේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන ජයසූරිය මහතා මෙම එන්නත ලබා ගත්තේ ඒ වරප්‍රසාද යටතේ ද යන ප්‍රශ්නය පැන නැගෙමින් තිබේ.

එහෙත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත විදීමේදී ප්‍රමුඛතාවයක් ලබා දෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කොට නොමැත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 18 February 2021 13:35