May 19, 2024

කැරිබියානු දූපත්වාසීන් සිතන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කියලා - තානාපති සේවය ඉතා දුර්වලයි

February 18, 2021

කැරිබියානු දූපත් වාසීන්ගෙන් බහුතරයක් ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් ලෙස සිතා සිටින බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා අවධාරණය කරයි.

මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිවරයාද වන මහානාමහේවා මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ කැරිබියානු දූපත් රටවල ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කිරීමට සිදු කරන රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීම ඉතා අවම මට්ටමක පවතින බවය.

කැරිබියානු දූපත් රටවල් 17 කටම සිටින්නේ එක් තානාපතිවරයෙක් බව මහානාමහේවා මහතා පෙන්වා දෙයි.

එවන් පසුබිමක් තුළ කැරිබියානු දූපත් රටවල ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රතිරූපයක් ගොඩ නැංවීමට අසීරු බව ද මහානාමහේවා මහතා පෙන්වා දෙයි.

මහානාමහේවා මහතා මෙම අදහස් පල කලේ ඒෂියන් මිරර් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 18 February 2021 11:42