May 16, 2024

ඇමරිකාවේ සිට එවූ රුපියල් ට්‍රිලියනයක්( රුපියල් කෝටි ලක්ෂයක්) වව්නියාවේ පුද්ගලයෙකුගේ ගිණුමට

February 18, 2021

වව්නියාව කුමාන්කුලම ප්‍රදේශයේ පදිංචි කන්දසාමි නම් පුද්ගලයෙකුගේ ගිණුමට විදේශ රටකින් ඒවා තිබු රුපියල් ට්‍රිලියනයක එනම් රුපියල් කෝටි ලක්ෂයක් ලබාගැනීම සදහා එම පුද්ගලයා පැහැරගෙන යාමට තැත් කල පිරිසක් අත්අඩංගුව ගෙන තිබෙන බව "මව්බිම " වාර්තා කරනවා . පොලිසිය පවසා තිබු ආකාරයට මෙම සුවිශාල මුදල ඔහුට එවා තිබුනේ කිසියම් සන්විදානයකට ලබා දීම වෙනුවෙන් . එහෙත් එම මුදල ලබා ගැනීමට කන්දසාමි නම් පුද්ගලයා නිසි පරිදි තම අයිතිවාසිකම් නොපෙන්වීම නිසාත් එවැනි මුදලක් එවූ පුද්ගලයාගේ සැබෑ තොරතුරු හෙළි නොකිරීමත් නිසා අදාල මුදල ඔහුට ලබා දීමට මහබැංකුව ප්‍රතික්ෂේප කොට තිබෙනවා .

මෙම මුදල ලබා ගැනීම සදහා ඔහු විවිධ උත්සාහ දරා ඇති අතර ප්‍රයත්නය අසාර්ථක වීමෙන් පසුව නැවත වව්නියාව බලා ගිය බව වාර්තා කොට තිබුනා.

මෙම සිද්යධි පිලිබදව දැනගත් කන්දසාමි නැමැත්තාගේ හිතවතෙකු තවත් පිරිසක් හා එක්ව අදාල මුදල ලබාගැනීම සදහා ලියකියවිලි සකස්කොට ඇති බවත් එයට අත්සන් කිරීමට කොළබට එන ලෙසත් කිහිප වතාවක දීම කන්දසාමිට කියා තිබුනත් ඔහු එය මග හරිමින් සිටි අතරතුර මෙසේ පැහැර ගැනීමට ලක්ව තිබෙනවා . කෙසේ හෝ මොහු පැහැරගැනීමට ලක්වන අතරතුර පිරිස මග හැර ගොස් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පැහැරගැනීම සිදු කළ පිරිස පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා . අදාල පිරිස අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 23 දක්වා රක්ෂිත බන්ධනාගර ගත කොට ඇති බව වාර්තා වුනා .

Rate this item
(0 votes)