May 17, 2024

"මම මීමුරේට එනවා කිව්වම සමාජ මාධ්‍යජාල වල දාලා තිබ්බා පරිසරය විනාශ කරන්න එනවා කියලා" - ජනපති ( වීඩියෝ )

February 13, 2021

"ගම සමග පිළිසදර" වැඩසටහනේ අරමුණ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

හෙතෙම පවසන්නේ ඇතැම් පාර්ශ්ව මේ සම්බන්ධයෙන් පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරමින් සිටින බවය.

මීමුරේ ප්‍රදේශයේ පැවැති ගම සමග පිළිසඳර වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ය.

ජනාධිපතිවරයා - "ඔබතුමන්ලා තමයි මේ ගමේ ජීවත්වෙන අය. ජීවත්වෙන අය තමයි දන්නේ ඒ ඒ ප්‍රශ්නවලට විසඳුම් කොහොමද දිය යුත්තේ කියලා. පිටින් ඉඳලා බලනකොට මේ ප්‍රශ්න ගැන වැරැදි විදිහට තමයි වටහා ගන්නේ. මම මීමුරේ ට එනවා කියලා කිව්වාම සමාජ මාධ්‍ය ජාලවල හුඟක් දාලා තිබුණා, මේ පරිසරය විනාශ කරන්න එනවා කියලා. ඒක වැරැදියි. අපිට ඕන මේ ගම ලස්සන වගේම ගමේ ජනතාවත් ලස්සන කරන්න. අද සමාජ මාධ්‍ය ජාලවල බොහෝ වැරදි මත ගෙනියනවා. කයිකාවල දරුවෝ කිව්වේ උසස් පෙළ ඉගෙන ගන්න හැතැක්ම ගාණක් ඈතට යන්න වෙනවා කියලා. අධ්‍යාපන ලේකම්තුමා ඉන්නවා. ඒක විසඳලා දෙන්න පුළුවන් නේද? පොඩි දරුවෝ ඉල්ලුවේ සෞන්දර්ය ගුරුවරයෙක්."

පාසල් සිසුවියක් - "අපි ගොඩාක් ආශාවෙන් හිටියේ මග බලාගෙන. ජනාධිපතිතුමා එනකම්. අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි ගුරුවරු හිඟය." 

ගම්වැසියෙක් - "ඔබතුමාගේ පැමිණීමත් සමග අපිට මේ උඩ පැත්තෙන් යන පාර. කිලෝමීටර් දෙකහමාරයි තියෙන්නේ. කාපට් කරලා දෙන්න කියලා ඉල්ලනවා."

ජනාධිපතිවරයා - "හැබැයි අපිට තියෙන පාරවල් හැර වෙනත් පාරවල් කපන්න අමාරුයි. මොකද වන රක්ෂිතය හරහා කරන්න බෑ."

ගම්වැසියෙක් - "පිටවල උඩගම්මැද්ද කොටසේ කිසිම ජල සැපයුමක් අපිට නෑ. බෝක්කුවක් යටින් එන වතුර තමයි බොන්නේ. වැහි කාලෙට වහලේ වතුර බොන්නෙ. පවුල් ප්‍රමාණය මදි කියලා ජල සැපයුම අපිට දෙන්නේ නෑ."

ජනාධිපතිවරයා - "පොඩි ව්‍යාපෘතියක් දෙන්න පුළුවන් නේ."

නිලධාරියෙක් - "නළ ළිඳක් සකස් කරලා දෙන්නම්."

ගම්වැසියෙක් - "ජනාධිපතිතුමනි මම ඉල්ලා සිටින්නේ මීමුරේ ගම්පියසට අදාළ ප්‍රදේශයක ATM යන්ත්‍රයක් සවිකරලා පොඩි බැංකු ශාඛාවක් හරි දාලා දෙන්න කියලා."

ජනාධිපතිවරයා - "පුළුවන් ද ඒක කරන්න? ඒක හොඳ අදහසක්."

නිලධාරියෙක් - "අපිට ඒ පහසුව සලසා දෙන්න පුළුවන්."

ගම්වැසියෙක් - "උඩුදුම්බර රෝහලට PCR යන්ත්‍රයක් ලබාදෙන්න කියලා මම ඉල්ලන්න කැමතියි."

ජනාධිපතිවරයා - "නෑ, දැන් එන්නත දෙන්නෙ. හැමෝටම දැන් එන්නත දෙනවා."
 

Rate this item
(0 votes)
Last modified on Sunday, 14 February 2021 08:05