May 17, 2024

පාස්කු කොමිසමෙන් ඥානසාර හිමිට අපරාධ චෝදනා ?

February 13, 2021

2014 ජූනි 15-17 දිනවලදී බේරුවල අලුත්ගම දර්ගා නගරයේ ජාතිවාදී කලබල ඇතිකිරීමට අනුබල දීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අපරාධ චෝදනා ගොනු කරන ලෙස පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇතැයි වාර්තා වේ. ඒ බව the morning පුවත්පත සිය ප්‍රධාන සිරස් තලයෙන් වාර්තා කර තිබුනා.

අලුත්ගම සිදුවූ මෙම සිදුවීමෙන් පුද්ගලයන් හතර දෙනෙකු මියගොස් 50ට අධික පිරිසක් තුවාල ලැබූ අතර දේපළ හානි රාශියක් ද සිදුවිය. මේ පිළිබඳව එම පුවත්පත ඥාණසාර හිමි ගෙන් කළ විමසීමකදී උන්වහන්සේ තවමත් එම වාර්තාවේ නිර්දේශ තමන් නොදන්නා බව පවසා ඇත. ඊයේ (12) දින සමහර පුවත් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ ඥානසාර හිමිට අපරාධ චෝදනා ගොනු කිරීමට අමතරව බොදු බල සේනා සංවිධානය තහනම් කරන ලෙස ද පාස්කු කොමිසමෙන් නිර්දේශ කර ඇති බවයි.

Rate this item
(0 votes)