May 14, 2024

ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා ජීවිතයෙන් සමුගනී

February 11, 2021

ශ්‍රී ලංකාවේ ප්‍රවිණ රංගන ශිල්පියෙකු මෙන්ම කථිකාචාර්යවරයෙකු ද වන ජයලාල් රෝහණ මහතා අද (11) දිනයේ දී සිය දිවියෙන් සමුගෙන ඇතැයි වාර්තා වෙයි.

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත.

මෙරට ජනතාව අතර වඩාත් ගෞරවාදරයට පාත්‍ර වූ ඒ මහතා නාට්‍ය මෙන්ම සිනමාපට සඳහාද සිය අපුරු රංගන හැකියා ලබා දී තිබුණි.

ඒ මහතා මිය යන විට 56 වැනි වියේ පසුවිය.

Rate this item
(0 votes)