May 14, 2024

ආයෙ ත්‍රස්තවාදයක් නිකමට හරි ඇතිවුණොත් අත්අඩංගුවට ගත යුත්තේ තමුන්නාන්සේවයි - සරත් වීරසේකර

February 10, 2021

යළිත් මේ රටේ නිකමට හරි ත්‍රස්තවාදයත් ඇති වූවොත් අත්අඩංගුවට ගත යුත්තේ තමුන්නාන්සේලාව බව සරත් වීරසේකර මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යවරයා චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා අමතා ප්‍රකාශ කරන ලදී.

දෙමළ දරුවන්ගේ මොල හෝදලා කරන වැඩ කටයුතු වලට වගකිව යුත්තේ තමුන්නාන්සේ බවද වීරසේකර අමාත්‍යවරයා නිර්මලනාදන් මන්ත්‍රීවරයා අමතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

දෙමළ ජාතික සන්ධානය කියන විදියට දෙමළ ජන සංහාරයක් වන්නේ කොහේ දැයි ප්‍රශ්න කළ විරසේකර මහතා දෙමළ ජනතාවගෙන් 52% ජීවත් වන්නේ උතුරු නැගෙනහිරින් පිට සිංහල ජන සමාජයත් සමඟ බව පෙන්වා දෙන ලදී.

දෙමළ ජන සංහාරයක් සිදුවන්නේ නම් ඔවුන්ට මෙසේ සිංහල ජනයා සමග ජීවත් වීමට හැකි දැයිද වීරසේකර මහතා නිර්මලනාදන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කරන ලදී.

ඊට නිර්මලනාදන් මන්ත්‍රීවරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීමද විශේෂත්වයකි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 February 2021 16:27