May 14, 2024

අද මේ රටේ මිනිස්සුන්ගෙ විතරක් නෙමෙයි - සතා සිවුපාවා ගහකොළෙත් ප්‍රජා අයිතිය නෑ - සරත් ෆොන්සේකා

February 10, 2021

තමා 2010 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී පරාජය ලබා විනාඩි පහක් යාමටත් මත්තෙන් ආරක්ෂාවට ලබා දී සිටී 80 දෙනාම ඉවත් කළ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරයි.

ෆොන්සේකා මහතා මෙම එළිදරව්ව කරන ලද්දේ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ විශේෂ කාර්යය බලකා ආරක්ෂව කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව හා විපක්ෂය අතර ඇතිවූ විවාදාත්මක තත්ත්වයට එක්වෙමිනි.

ආරක්ෂාව ඉවත් කිරීම පිළිබඳවය තමන්ට එවැනි ඉතිහාසයක් තිබෙන බව පෙන්වා දෙන ෆොන්සේකා මහතා තමා සතුව ඒ අවස්ථාවේ තිබුනේ පිස්තෝලයක් පමණක් බව ද සඳහන් කරයි.

මොන ත්‍රස්තවාදියෙක් ආවත්, සතුරකු ආවත් එම පිස්තෝලේ උණ්ඩ අවසන් වෙන තුරු සටන් කිරීමට තමා අධිෂ්ඨාන කරගෙන සිටි බව ද ෆොන්සේකා මහතා හෙළි කරයි.

දැන් මේ දාලා තිබෙන කොමිෂන් සභාව වලින් පේන්නේ තෝරාගත් පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ වැඩපිළිවෙළක් බවද ෆොන්සේකා මහතා පෙන්වා දෙයි.

ප්‍රජා අයිතිය අහෝසි කිරිම පිළිබඳව තමාට අත්දැකීම් තිබෙන බව සඳහන් කළ ෆොන්සේකා මහතාව ජනාධිපතිවරණට තරග කිරීම නිසා තමා සිරගත කොට ප්‍රජා අයිතිය අහෝසි කළ බවද සභාවට මතක් කර දෙන ලදී.

තමා හිරෙන් එළියට ආවේ ප්‍රජා අයිතිය අහෝසි වූ පුද්ගලයෙකු හැටියට බව ද පෙන්වාදුන් ෆොන්සේකා මහතා එහි අවසාන ප්‍රතිඵලය වුණේ මහින්ද රාජපක්ෂ පාලනය පෙරළි ගෙදර යෑමට සිදුවීම බව ද අවධාරණය කරයි.

ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තමන් ඇතුළු විපක්ෂය බිය නැති බවත් ඊට මුහුණ දීමට සූදානම් බවත් සඳහන් කරන ෆොන්සේකා මහතා මේ වන විට අද මේ රටේ සිටින සතා සිව්පාවාගේත්. ගහකොළවලත් ප්‍රජා අයිතිය අහෝසි වී ඇති බවද සඳහන් කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 February 2021 16:24