May 20, 2024

කිරි ගොවී ණය දෙගුණ කෙරේ - වී මෝල් හිමියන්ටත් ඉක්මන් ණය

February 09, 2021

කිරි ගොවින් සඳහා අය-වැයෙන් යෝජනා කළ රුපියල් ලක්ෂ 5ක ණය මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩිකරන්නැයි මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා .
අය-වැය යෝජනා අනුව ක්‍රියාත්මක ව්‍යාපෘති හා ජනතා සහන පිළිබඳ අවධානය යොමු කරමින් මුදල් අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

ඒ අනුව ඉදිරි සතියේ සිට කිරි ගොවීන් සඳහා ඔවුන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කරගැනීමට 4%ක පොලියට රුපියල් ලක්ෂ 10ක් දක්වා ණය ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත.
මෙම කන්නයේ වී මිල දී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ණය පහසුකම් ලබාදිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ණය ලබා දීමේ කටයුතු කඩිනම් කරන්නැයි ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන්වන අජිත් නිවාඩ් කබ්රාල්, ශෙහාන් සේමසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් අටිගල මහත්වරු ඇතුළු මුදල් අමාත්‍යංශයේ සියලුම ආයතන ප්‍රධානීන් ඇතුලු නිලධාරීහු රැසක් එක්ව සිටි බව වාර්තා වනවා

Rate this item
(0 votes)