May 18, 2024

පුංචි ලෝකාන්තයේදි පුද්ගලයෙක් අතුරුදහන්

February 07, 2021

ඊයේ (06) රාත්‍රියේ මඩොල්සිම පුංචි ලෝකාන්තයේ සංචාරයේ නිරත පුද්ගලයකු අතුරුදහන් වී ඇති බව මඩොල්සිම පොලිසිය සඳහන් කර තිබේ.

පුද්ගලයන් 12 දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් කඳවුරුබැඳ සංචරයේ නිරත වීමට පැමිණ ඇති අතර මහ වැස්ස හා දැඩි මීදුම නිසා යලි ඔවුන් පැමිණි වාහනයට ගමන්කර ඇති බවත්, එසේ සිටියදී එක් අයෙකු අතුරුදන්වි ඇති බවත් පොලිසිය සඳහන් කර ඇත.

මෙලෙස ලෙස අතුරුදහන් වී ඇත්තේ මුංහේන මග්ගොන කලුතර පදිංචි මාධ්‍ය ආයතනයක ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක් බවද සඳහන් වේ.

එම අතුරුදහන් වූ පුද්ගලයා සෙවීම සඳහා මඩොල්සිම , බිබිල සහ ලුනුගල පොලිසි ඒකාබද්ධ සෝදිසි මෙහෙයමුක් ක්‍රියාමත් කර ඇති අතර යුද හමුදාව ද කැඳවා ඇත.

Rate this item
(0 votes)