May 18, 2024

රනිල් නිදහස් දිනය දා පක්ෂයේ කටයුතු තරුණ ගැටයින්ට බාරදෙයි

February 07, 2021

එක්සත් ජාතික පක්ෂය දැන් තමා තරුණ නායකයින්ට භාර දී තිබෙන බැවින් ජාතික නිදහස් දින උත්සවයේ ජාතික ධජය එසවීමත් තරුණයින්ට භාරදීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

ඒ නිදහස් දින ජාතික උත්සවයට සමගාමීව සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති ජාතික නිදහස් දින උත්සවයේදීය.

එහිදී වික්‍රමසිංහ මහතා තමා විසින් එසවීමට නියමිතව තිබූ ජාතික කොඩිය නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන හා උප නායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ට එසවීමට ආරාධනා කොට තිබේ.

සිරිකොතේ නිදහස් දින උත්සවය අවසන් වීමට පෙර එම ස්ථානයෙන් වික්‍රමසිංහ මහතා නික්ම යාම හේතු කොටගෙන පක්ෂ මූලස්ථානයේ පිහිටි ඩී එස් සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද රුවන් විජේවර්ධන හා අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් විසින් සිදුකොට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 06 February 2021 22:56