May 19, 2024

යාපනයේ තරුණ තරුණියන් ජාතික නිදහස් දින පෙළපාළිය සමරති (PHOTOS)

February 05, 2021

කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවැත් වූ 73 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව යාපනය ප්‍රදේශයේ දේශප්‍රේමී ජනතාව විසින් ජාතික ධජයන් පෙරටුකරගනිමින් යාපනය කොටුව ආශ්‍රිත වීදි සංචාරයක නියැලෙමින් ජාතීන් තුළ ඇති ප්‍රතිසන්ධානය, සහජීවනය, සමගිය සහ ජාතික සමගිය යන හැඟීම් සමඟ සහයෝගීතාවය අද දින පිළිබිඹු කරන ලදි.

මෙම වැඩසටහන යාපනය ප්‍රදේශයේ සමාජ ක්‍රියාකරුවෙකු වන අරුල් සිද්ධාර්ථ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලදී.

ජාතික ධජයන්සහ පුවරු ආදිය රැගත් තරුණ තරුණියන්, කාන්තාවන්, පාසල් ළමුන් සමස්තදමිළ ජනතාව නියෝජනය කරමින් එක ජාතියක් ලෙස එක ධජයක් යටතේ එක්සත්ව සහයෝගීව ජාතික සමගිය හා සංහිඳියාව තුළින් අන්තවාදී කඩාකප්පල්කාරී මතවාදයන් පිටුදකින සමාජයක හෙට දවස මේ මඟින් පෙන්නුම් කරන ලදි.

May be an image of 1 person, standing, crowd and road

May be an image of motorcycle and road

May be an image of 1 person, standing, motorcycle and road

May be an image of motorcycle and road

Rate this item
(0 votes)