May 19, 2024

සජිත්, බන්දුල, කරූ, ෆොන්සේකා එක තැනකට රැස්වෙයි

February 04, 2021

73 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සංවිධානය කරන ලද ආගමික වැඩසටහනක් අද(04) උදෑසන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම විහාරස්ථානයේදී (පොල්වත්ත විහාරය) පැවැත්විණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සභභාගී වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කතානායක කරූ ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක ඇතුලු පක්ශ විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ ප්‍රදේශවාසීන් රැසක් සහභාගි විය.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 04 February 2021 10:42