May 18, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් පෙබරවාරි 11 දා කෝප් කමිටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙබරවාරි 11 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුව) කැඳවීමට තීරණය කර ඇති බව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

එමෙන්ම පෙබරවාරි 12 වැනිදා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කාරක සභාවට කැඳවීමට නියමිත අතර, එහිදී ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන සම්බන්ධයෙන් වන විශේෂ විගණන වාර්තාව සැලකිල්ලට නියමිත වේ.

මහනුවර දිස්ත්‍රික්කයේ නාය යෑම් අධි අවදානම් කලාපයන්හි ජීවත් වන ජනතාව නැවත පදිංචි කිරීමට අදාළ ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලීම පෙබරවාරි 24 වැනිදා සිදු වේ.

ශ්‍රී ලංකාවට ප්ලාස්ටික් ආනයනය කළමනාකරණය කිරීම සහ ඒවා මෙරට තුළ භාවිතය පිළිබඳ විශේෂ විගණන වාර්තාවක් පෙබරවාරි 26 වැනිදා සැලකිල්ලට ගැනීමට නියමිත බව කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 31 January 2021 20:38