May 14, 2024

ඊයේ ලබාදුන් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ගණන 5286යි - එන්නත් ලබා දුන්නේ තැන් මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව ශ්‍රී ලංකාවට ලෝකයේ මහා පරිමාණයෙන් ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවන සෙරම් ඉන්ස්ටිටියුට් ආයතනයෙන් පුද්ගලයින් දෙලක්ෂ පනස්දහසකට (250,000කට) ලබා දීම සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ පහක් (500,000ක්) පසුගිය 28 වෙනිදා ලැබුණු අතර ඊයේ (29) දිනයේ දී එම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම ආරම්භ කෙරුණි.

මෙහිදී ඊයේ (29) දිනයේ දී එන්නත් 5286ක් ප්‍රමුඛතා ලැයිස්තුවේ සිටින සෞඛ්‍ය සහ ආරක්ෂ අංශ නිලධාරීන්ට ලබාදීම සිදුවිය.

එම එන්නත් 5286ක ප්‍රමාණය ලබා දී තිබුණේ පහත අයුරිනි.

ශ්‍රි ලංකා ජාතික රෝහල සඳහා එන්නත් 1886ක්

උතුරු කොළඹ (රාගම) ශික්ෂණ රෝහල සඳහා එන්නත් 803ක්

දකුණු කොළඹ (කළුබෝවිල) ශික්ෂණ රෝහල සඳහා  781ක්

යුද හමුදා රෝහල සඳහා 600ක්

පනාගොඩ යුද හමුදා කඳවුර සඳහා 400ක්

රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා 382ක්

හෝමාගම මූලික රෝහල සඳහා 190ක්

මුල්ලේරියාව මූලික රෝහල සඳහා 108ක්

වැලිසර නාවිකා හමුදා කඳවුර සඳහා 56ක් ලෙස ඊයේ දිනයේ දී කොවිශීල්ඩ් (ඔක්ස්වර්ඩ් - ඇසේට්‍රෙසෙනෙකා) එන්නත් ලබා දීම සිදු කර තිබුණි.

Rate this item
(0 votes)