May 18, 2024

ඇමති ගොඩහේවාට සහ හිටපු සභාපතිට දැඩි විරෝධයක් - හූ කියා එලවා දමලා (VIDEO)

වරාය සේවකයන් විසින් අද දහවල් සිදු කරන ලද විරෝධතාවය මැද්දට පැමිණි රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතාට සහ හිටපු වරාය සභාපති ප‍්‍රියත් බන්දු වික‍්‍රම මහතාට දැඩි විරෝධයක් එහිදී එල්ල විය.

විරෝධතාවයේ නියුතු වරාය සේවකයන් ඔවුන් එම ස්ථානයෙන් පිටව යන තෙක්ම හූ තැබීමට කටයුතු කළහ.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමක ලබාදීමට විරුද්ධව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

“පරණ කතා අපිට එපා. 100%ක් අපිට ඕනේ.” යැයි පවසමින් ඔවුන් විරෝධතාවයේ නිරත විය.

100%ක් ලැබෙන තුරු මෙම විරෝධතාවය නොනවත්වන බවද ඔවුන් ප්‍රකාශ කර සිටින ලදි.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 January 2021 22:25