May 18, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැදවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙබරවාරි 11 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවීමට තීරණය කර ඇති බව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා 

එමෙන්ම පෙබරවාරි 12 වැනිදා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කාරක සභාවට කැඳවීමට නියමිත අතර, එහිදී ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන සම්බන්ධයෙන් වන විශේෂ විගණන වාර්තාව සැලකිල්ලට ගනු ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පැවසීය.

මහනුවර දිස්තික්කයේ නායයෑම් අධි අවදානම් කලාපයන්හි ජීවත්වන ජනතාව නැවත පදිංචි කිරීමට අදාළ ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසාබැලීම පෙබරවාරි 24 වැනිදා සිදු වේ.

ශ්‍රී ලංකාවට ප්ලාස්ටික් ආනයනය කළමනාකරණය කිරීම සහ  ඒවා මෙරට තුළ භාවිතය පිළිබඳව විශේෂ විගණන වාර්තාවක් පෙබරවාරි 26 වැනිදා සැලකිල්ලට ගැනීමට නියමිත බව කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)