May 19, 2024

කොවිඩ් පාලනය කළ හොඳම රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

කොවිඩ් 19 වෛරසය පාලනය කිරීමේදී වඩාත් ඵලදායී ලෙස කටයුතු කළ ලොව හොඳම රටවල් 10 අතර ශ්‍රී ලංකාවද සිටින බව ඕස්ට්‍රේලියාවේ ලෝවි ආයතනය පවසයි.

කොවිඩ් වෛරසය ව්‍යාප්තව පවතින ලොව රටවල් 100 කට ආසන්න ප්‍රමාණයක දත්ත හා තොරතුරු රැස් කිරීමෙන් අනතුරුව එම ආයතනය සිදුකළ වර්ගකිරීමේදී ශ්‍රී ලංකාව හොඳම රටවල් 10 අතරට තේරී පත්ව තිබේ.

මෙම නිරීක්ෂණයේදී ඒ ඒ රටවලින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය, සිදු වූ මරණ ප්‍රමාණය, සිදුකළ PCR පරීක්ෂණවල අනුපාතය යන සාධක කෙරෙහි ප්‍රධාන අවදානය යොමුව තිබේ.

මෙම වර්ගීකරණයේ පළමු ස්ථානය දිනා ගැනීමට නවසීලන්තය සමත්ව ඇති අතර වියට්නාමය, තායිවානය හා තායිලන්තය යන නැගෙනහිර ආසියානු රටවල් පිළිවෙලින් දෙවැනි, තෙවැනි, සිව්වැනි ස්ථාන හිමි කරගෙන සිටියි.

ඕස්ට්‍රේලියාව අටවැනි ස්ථානයට පත්ව ඇති අතර ශ්‍රී ලංකාව 10 වැනි ස්ථානයේ සිටියි.

ලොව වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් මෙන්ම මරණ ප්‍රමාණයක්ද වාර්තා වූ ඇමරිකා එක්සත් ජනපදය මෙම ලැයිස්තුවේ 94 වැනි ස්ථානයට පත්ව තිබේ.

Rate this item
(0 votes)