May 19, 2024

සාක්ෂිකරුවන් 440 දෙනෙකුගේ ප්‍රකාශ මැද පාස්කු ප්‍රහාරයේ කොමිෂන් සභාවේ වැඩ අවසන් .

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ සොයාබැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මේ මස 31 වනදා ට පෙර ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය.

ඒ අනුව කොමිෂන් සභාවේ කටයුතු ඊයේ (27) නිල වශයෙන් අවසන් කෙරුණා

ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු ඊයේ (26) දිනයෙන් අවසන් වී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සාක්ෂි දීමෙන් අනතුරුවයි.

ඒ අනුව වසරකට වැඩි කාලයක් සාක්ෂිකරුවන් 440 දෙනෙකුගෙන් කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා .
මෙතැනින් පසු ජනාධිපතිවරයා ගේ නිර්දේශ මත ඉදිරි තීරණ ගැනීමට නියමිතයි.

Rate this item
(0 votes)