April 26, 2024

මිනිස්සු සිගරට් බොන තරමක්! ලාභ ලබන සමාගම් ලැයිස්තුවේ 3 වැනි තැන දුම්කොළ සමාගමට

2019 - 2020 මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලංකාවේ ලාභතම සමාගම් අතර 3 වන ස්ථානය ලංකා දුම්කොළ සමාගම සමාගමට හිමිව තිබීම විශේෂත්වයකි.

ලංකා දුම්කොළ සමාගම දුම්වැටි ව්‍යාපාරයේ නියැලී සිටින සමාගමකි.

2019 - 2020 මුදල් වර්ෂයේ බදු ගෙවීමෙන් පසු ලංකා දුම්කොළ සමාගමේ ලාභය රු. බිලියන 17.2 කි.

ලංකා දුම්කොළ සමාගම එම ලයිස්තුවේ පළමුවන ස්ථානය ලබාගෙන තිබෙන LOLC Holdings සමාගමේ ලාභයට වඩා පිටුපසින් සිටින්නේ රු බිලියන 2කිනි. එනම් රු මිලියන 2000කි.

ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ප්‍රකාශනයක් වන එල් එම් ඩී මාධ්‍ය සේවා ආයතනය විසින් මෙම ශ්‍රේණිගත කිරීම කොට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 January 2021 15:21