April 26, 2024

ශ්‍රී ලංකා රජය විසින් අලුතින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගන්නා ලිච්ටෙන්ස්ටයින් රාජ්‍ය ගැන අපුරු කරුණු ටිකක්

ශ්‍රී ලංකාව විසින් යුරෝපියානු රාජ්‍යයක් වන ලෙච්ටෙන්ස්ටයින් සමඟ නව රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇති කරගන්නා බවට අද (26) දිනයේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය.

ලෙච්ටෙන්ස්ටයින් යනු යුරෝපයේ පිහිටි කුඩාම රාජ්‍යයන්වලින් එකක් වන අතර වර්ග කිලෝමීටර් 160ක් පුරාවට විහිදි ඇති මෙම රට ස්විස්ලන්තය සහ ඔස්ට්‍රියාවට මැදිව පිහිටා තිබේ.

ජර්මානු භාෂාව ප්‍රධාන භාෂාව වන අතර ජනගහනය 38,896ක් වෙයි.

මෙම රට තුළ ගුවන් තොටුපොළක් හෝ මුහුදු තීරයක් පිහිටා නොමැති අතර වැඩිම ජනගහනය ජීවත් වන නගරයේ සිටින ප්‍රමාණය හයදහසක් (6,000) වෙයි.

කිසිම ණයක් නොමැති රටක් වන අතර ලෝකයේ දෙවැනියට වැඩිම ඒක පුද්ගල ආදායම වන ඇමෙරිකානු ඩොලර් එක්ලක්ෂ හැටපන්දාහස් විසි අටක් (165,028)ක් ඇති රටද වෙයි. එය දෙවැනි වන්නේ මොනාකෝ රාජ්‍යට පමණයි.

ඇල්පයින්ස් සීමාවේ (ඇල්ප්ස් කඳු සීමාවේ) 100%ක භූමියක් හිමි ලෝකයේ එකම රට වන්නේ ද මෙම ලෙච්ටෙන්ස්ටයින් රාජ්‍ය පමණයි. 

යුරෝපයේ දෙවැනියට අඩුම පිරිසක් සංචාරය කරන රට ලෙසද ලෙච්ටෙන්ස්ටයින් රාජ්‍ය හඳුන්වනු ලබන අතර එය දෙවැනි වන්නේ සැන් මරිනෝ රාජ්‍යයට පමණයි. 2018 වසරේ දී ලෙච්ටෙන්ස්ටයින් රාජ්‍ය වෙත පැමිණි ඇති සමස්ත සංචාරකයින් ගණන 85,000ක් වන බවට සංචාරක සමීක්ෂණ වාර්තා සඳහන් කරයි.

ඉලෙක්ට්‍රොනික් උපකරණ, ලෝහ නිෂ්පාදනය, දන්ත නිෂ්පාදනයන්, දෘශ්‍ය උපකරණ සහ ඖෂධ ඇතුළු අනෙකුත් ප්‍රධාන කර්මාන්ත මෙම රාජ්‍යයේ මුලික නිෂ්පාදනයන් වෙයි. 

ලෙච්ටෙන්ස්ටයින් සිටින විශාලතම බිලියනපතියා වන ක්‍රිස්ටෝෆ් සෙලර් එරට දළ දේශිය නිෂ්පාදනයෙන් 50%ක හිමිකාරීත්වය දරන අතර ඔහුගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ දන්ත නිෂ්පාදනයන් (බොරු දත්, හකු වැනි දේ) සිදු කිරීමයි. ඔහුගේ ආදයම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් වන බව සඳහන් වෙයි.

මෙම රටේ ආරක්ෂාව සඳහා හමුදාවක් නොමැති වන අතර 1868 න් පසුව එරට හමුදාවක් පිහිටුවා නොමැත.

එමෙන්ම  ලෙච්ටෙන්ස්ටයින් රාජ්‍යයේ ශ්‍රම බලකාය තුළ ස්විස්ලන්තයෙන්, ජර්මනියෙන්, ඔස්ට්‍රියාවෙන් පැමිණි පිරිස් ද සිටින අතර එම අගය 2016 වසරේ දී ලෙච්ටෙන්ස්ටයින් රාජ්‍යයේ ශ්‍රම බලකායෙන් 54%ක් වූ බව සඳහන් වෙයි.

එරට 2016 වසරේ දී පුද්ගලයින් 406ක් රැකියා නොමැතිව නිවෙස්වල සිටි ඇති අතර ඔවුන් සියලු දෙනා ප්‍රසුත නිවාඩු ගිය අය බව සඳහන් වෙයි.

ගුවන් තොටුපොළක් නොමැති වීම නිසා වෙනත් රටකට සංචාරය කිරීමට අවශ්‍ය නම් පැය 1 1/2ක දුරක් ගෙවාගෙන ස්විස්ලන්තයේ සූරිච් ගුවන්තොටුපොළ වෙත යා යුතු වෙයි.

(Business Insider ඇසුරිණි)




Rate this item
(1 Vote)
Last modified on Friday, 12 March 2021 15:05