April 26, 2024

තෙල් වැඩි කිරීමේ ගම්මන්පිලගේ ඉල්ලීම කෙහෙලිය විහිළුවෙන්ම මඟ හරියි (VIDEO)

පෙට්‍රල්, ඩීසල් ඇතුළු තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නය කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් විහිළුවක් කරමින් මග හැර ගිය අයුරු දක්නට ලැබේ.

ඊයේ (25) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී විෂයභාර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ගෙන ආ එම යෝජනාව ප්‍රතික්ෂේප වී තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයට පිළිතුරු දුන් රඹුක්වැල්ල මහතා "ඔබත් කැබිනට් මණ්ඩල රැස්වීමේ ඒ වෙලාවේ හිටියද මම දැක්කේ නැහැ" ප්‍රකාශ කරමින් විහිළුවෙන්ම ප්‍රශ්නය මගහැර යන ලදී.

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව පැවැත්වූයේ zoom තාක්ෂණය ඔස්සේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 January 2021 14:04