April 26, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් පී.සී.ආර් මඟහරී - සහය දී තිබෙන්නේ 40%යි : කථානායකත් කනස්සල්ලෙන්

පී.සී.ආර් පරීක්ෂණ කරගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලැබෙන සහයෝගය ඉතා අවම බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ නිසා කොවිඩ් වැළඳී ඇත්දැයි දැනගැනීම සදහා පී.සී.ආර් පරීක්ෂණවලට පෙනී සිටින ලෙසට යළිත් වතාවක් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සිදුව තිබේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 224 අතරින් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු වී තිබෙන්නේ මන්ත්‍රීවරුන් 90 පමණක් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

එය ප්‍රතිශතයක් ලෙස 40% කි.

මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකු කොවිඩ් 19 ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර ඉන් 5 දෙනකුම අයත් වන්නේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමටය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 January 2021 13:48