April 27, 2024

බලයට පැමිණි හැම ආණ්ඩුවක්ම ජාතික සම්පත් විකුණුවා - ඉතිරිව තිබෙන්නේ සොච්චමයි (VIDEO)

බලයට එන හැම ආණ්ඩුවක්ම ජාතික සම්පත් විකිණීමට කටයුතු කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පෙන්වා දෙයි.

එම පසුබිම තුළ අද මෙරටට ඉතුරු වී තිබෙන්නේ ජාතික සම්පත් වලින් සොච්චමක් පමණක් බව ද රත්නායක මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා බලයට පැමිණියේ වියත් මගේ වියත්තු ටික දමා ඉතිරි වී තිබෙන පාඩු ලබන ජාතික සම්පත් ලාභ ලබන තත්ත්වයට ගෙන එන බව ප්‍රකාශ කළ ද 2020 වන විට ප්‍රධාන රාජ්‍ය ආයතන 31ක අවුරුද්දක පාඩුව රුපියල් කෝටි 12,000 බව පෙන්වා දෙයි.

රත්නායක මහතා මෙම අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 January 2021 14:18