April 26, 2024

වරාය සභාපති වරාය ගැන දන්නේ නෑ - සභාපතිකම තමන්ට කරන්න බැරිනම් බාරගත්තෙ මොකටද? (VIDEO)

වරාය සභාපති දයා රත්නායක මහතා වරාය ගැන අවබෝධයක් නැති පුද්ගලයකු බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පෙන්වා දෙයි.

තමන් බාර ගත්තා ආයතනය තමන්ට කරන්න බැහැ කියන පුද්ගලයන් සභාපති ධුර වල තබා ගැනීමෙන් ප්‍රයෝජනයක් තිබෙනවාදැයි මහතා ප්‍රශ්න කරයි.

තමන්ට ආයතනයක් කිරීමට බැරි බව දැන දැනම එය භාර ගැනීමද වැරදි බව රත්නායක මහතා අවධාරණය කරයි.

බිමල් රත්නායක මහතා මේ අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 January 2021 15:31