April 26, 2024

කොමිසමේ සභාපති ශෂී වෙල්ගමගෙන් හතර බීරි කතාවක් : බස් මගින් ගෙනියන්නෙ ඉඳගෙනලු - ගාස්තු අඩු කරන්න බැහැලු

සෞඛ්‍ය අංශය නිර්දේශ කොට තිබෙන ආකාරයට බස් රථවල මගින් ඉඳගෙනම පමණක් ගෙන යාම අකුරටම සිදුවන බව බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා අවධාරණය කරයි.

සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබෙන මාර්ගෝපදේශකයන්ට අනුව බස් රථ ධාවනය වන හෙයින් ඊට අදාළව වැඩි කළ 20% බස් ගාස්තු වැඩි කිරීම දැනට වෙනස් කළ නොහැකි බවද සභාපතිවරයා සඳහන් කරයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කළ විට පමණක් ගාස්තු යළිත් සංශෝධනය කළ හැකි බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

එහෙත් ලංගම හා පෞද්ගලික යන බස් රථ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා වැඩි කළ මිල ගාස්තු අය කරමින් මගින් සිටගෙනම ගෙන යෑම සුලභව දකින්නට ලැබෙන්නකි.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට සිවිල් පොලිස් නිලධාරින් බස් රථවලට සිදු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළ ද තවමත් එවැන්නක් දක්නට නොලැබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 January 2021 14:06