April 26, 2024

තුනෙන් දෙකේ ආණ්ඩුවට කොවිඩ් වලිනුත් හයෙන් පහක්

මේ වන විට කොවිඩ් 19 වැළඳුණු 6 වැනි පාලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස ආණ්ඩු පක්ෂ නියෝජනය කරනව වසන්ත යාපා බණ්ඩාර මහතා හඳුනාගෙන තිබේ.

මීටපෙර දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, රවුෆ් හකීම්, පියල් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනා ගැනිණි.

ඒ අනුව මෙතෙක් කොවිඩ් 19 වැළදී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනා අතුරින් 5දෙනෙකුව නියෝජනය කරන්නේ ආණ්ඩුව වන අතර විපක්ෂය නියෝජනය කරන්නේ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පමණි.

එමෙන්ම ආණ්ඩුව පාර්ශ්වයෙන් කොවිඩ් 19 ආසාදනය වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා හැර අන් සියල්ලන්ම වත්මන් ආණ්ඩුවේ ඇමැති ධුර හා රාජ්‍ය අමාත්‍ය ධූර දරන්නන් වෙ.

තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් තිබෙන තිබෙන ආණ්ඩුවට කොවිඩ් 19 වැළඳී තිබෙන්නේ ද ඒ හා ලඟ අනුපාතයකට අනුව එනම් හයෙන් පහක අනුපාතයකට අනුව වීම විශේෂත්වයකි.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 January 2021 13:55