April 26, 2024

නාමල් රාජපක්ෂ එදා පාර්ලිමේන්තුවේ හිටියා - චීන සමාගමට එරෙහි ඡන්දය මග ඇරියා (VIDEO)

හම්බන්තොට වරාය චීන සමාගමකට විකිනීමේ ගනුදෙනුව අවසන් වී මාස තුනකට පමණ පසු එම සමාගමට බදු සහන දීමට එවකට සිටි මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සඳහා එය පාර්ලිමේන්තුවට ගෙන ආ බව ජනතා විමුක්ති පෙරමුණ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පෙන්වා දෙයි.

එම යෝජනාවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ ඡන්දයක් ඉල්ලූ බව ද පෙන්වා දෙන රත්නායක මහතා ඡන්දය විමසන අවස්ථාවේ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව තුළ සිටිය ද ඊට එරෙහිව ඡන්දය දීමෙන් වැළකී සිටි බව අනාවරණය කරයි.

චීන සමාගමට බදු සහන දීමට ගෙන ආ එම යෝජනාවන්ට එරෙහිව නැගී සිටියේ කුමන රාජපක්ෂද යන්න රත්නායක මහතා ප්‍රශ්න කරයි.

රත්නායක මහතා මෙම අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 January 2021 13:14