May 08, 2024

මේ ආණ්ඩුවත් රණවිරු දඩයමේ හොඳම උදාහරණයක් - මේජර් අජිත් ප්‍රසන්න (VIDEO)

වත්මන් ආණ්ඩුවද රණවිරු දැඩයමක් සිදුකරන බවත් ඊට හොඳම උදාහරණය තමන් සිරගතව සිෙීම බවත් විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකදීය.

රණවිරු දඩයමට එරෙහිව යාන්ත‍්‍රණයක් සැකසීමට වත්මන් ආණ්ඩුවටද නොහැකි වූ බව ඔහු කියා සිටියි.

තමන් සිරගත කිරීම සැලසුම් කලේ නීතිපති දෙපාර්තමේන්තුව සහ රහස් පොලිසිය බවද ඔහු පෙන්වා දෙයි.

රාජපක්ෂලා විසින් තමන්ව කොටු කළා කියන යැයි කීම වැරදි බවත් පවසන ඔහු තමන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග ඉතා හිතවත් බවත් තමන් සමග නිවසේ දී යට ඇඳුම පිටින් පවා කතා කර ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Rate this item
(0 votes)