May 09, 2024

උදේ කෑම එකේ පණුවන් - කොවිඩ් ආසාදිතයින් පිරිසක් කෑම එපා කියයි

බගවන්තලාව මෝරා තේ වතුයායේ පිහිටි ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ පවත්වාගෙන යන නිරෝධායන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින කොවිඩ් ආසාදිතයින් ඊයේ (24) උදෑසන ලබාදුන් ආහාර වේල ප්‍රතික්ෂේප කර තිබුණි.

ඒ එම කෑම ආහාරයට ගැනීමට නුසුදුසු බව පවසමිනි.

ආහාර වල පණුවන් සිටි බවත් ඒ පිළිබඳ ව කිසිවෙක් වගකීමක් නොගන්නා බවත් එම ස්ථානයේ ප්‍රතිකාර සඳහා රඳවා ඇති පිරිස් පැවසූහ.

"මෙතන හම්බවෙන කෑම සාමාන්‍ය මනුස්සයෙකුට කන්න පුළුවන් විදිහේ කෑම නෙමෙයි. උදේ කෑම එකේ පණුවෙක්. දැන් ඒක කිව්වාම මෙතන වගකීමක් ගන්න නිලධාරියෙක් නැහැ. වතුර ටිකක් නෑ. අපි සත්තු නෙමෙයි," යනුවෙන් එහි පුද්ගලයෙකු පැවසීය.

පසුව ප්‍රතිකාර මධ්‍යස්ථානයේ බලධාරීන් ඊයේ (24) දහවල් ආසාදිතයින්ට පිරිසිදු ආහාර වේලක් ලබාදීමට පියවරගෙන තිබේ.

මෙම මධ්‍යස්ථානය තුළ තලෙයිමන්නාරම, ගලේවෙල, ගම්පහ, නුවරඑළිය, කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ආසාදිතයන් 136 දෙනෙකු ප්‍රතිකාර ලබයි.

Rate this item
(0 votes)