May 14, 2024

කලාශූරී එඩ්වින් ආරියදාස මහතා දැයෙන් සමුගනී

ප්‍රවීණ මාධ්‍යවේදී, කලාශූරී, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අද (22) අභාවප්‍රාප්ත වී තිබේ.

ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු ලෙස ප්‍රකට එතුමා’ සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතෙතු ලෙස ද සැලකේ.

පසුගිය දෙසැම්බර් 3 වැනි දින ආරියදාස මහතා 99 වැනි වියට එළඹි තිබුණි.

සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙක විශිෂ්ට ලෙස හැසිරවීමෙහි සමත්කම් දැක්වූ එඩ්වින් ආරියදාස මහතා විචාර ලිපි ගණනාවක් ද රචනා කර ඇත. හෙතෙම ‘ලෝක ඉතිහාසය’, ඇමෙරිකානු ජනපති දේශන ඇතුළත් ‘විමුක්ති ප‍්‍රකාශ’ ඇතුළු කෘති කිහිපයක් ම පළ කර තිබේ.

ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ඇතුළු සම්මාන 300කට වැඩි ප්‍රමාණයක් හිමිකරගත් ඒ මහතා විවිධ රාජ්‍ය ආයතනවල උසස් තනතුරු ද හෙඹවීය.

එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙනු ඇත.

Rate this item
(0 votes)