April 26, 2024

පොදුජන පෙරමුණ සන්ධානය චීන කොමිනිස්ට් පක්ෂය නෙමෙයි - ශ්‍රීලනිප මහ ලේකම් මතක් කර දෙයි

චීන කොමියුනිස්ට් පක්ෂය වගේ අනිත් පක්ෂවලට ගොඩ නැගෙන්න ඉඩ නොදී තනි පක්ෂයක් මේ රටේ ගොඩ නඟන්න හදනවා නම් එය එය මිත්‍යාවක් මිස යථාර්ථයක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා එසේ සිතන අයට පෙන්වා දෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂයක් මෙහෙ හදන්න බැරි බව තහවුරු කරමින් මහ ලේකම්වරයා සඳහන් කරන්නේ පොදුජන පෙරමුන සන්ධානයේ අන් පක්ෂ ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවය.

එසේ නොවුවහොත් පක්ෂ සන්ධානයෙන් ගැලවී එළියට යන බවද මහ ලේකම්වරයා පෙන්වා දෙයි.

ශ්‍රීලනිපය, කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, මහජන පක්ෂය ආදී සියලු පක්ෂ ශක්තිමත් වූවොත් පමණක් පොදුජන පෙරමුණ සන්ධානය ශක්තිමත් වන බවට ද අදහසක් මහලේකම්වරයා ඉදිරිපත් කරයි.

ශ්‍රීලනිප මහ ලේකම්වරයා මෙම කරුණු හෙළිදරව් කර තිබුණේ සති අන්ත විකල්ප ජාතික පුවත් පතක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 22 January 2021 11:25