April 26, 2024

ලෝකේ හිනස්සපු චැප්ලින් - ලෝකයේ අඬවපු හිට්ලර්, මේ චරිත දෙකම දැන් ලංකාවේ

1889 උපන් ලෝක ප්‍රසිද්ධ චරිත දෙකක් පිළිබඳව සමගි ජන බලවේගයේ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඉකුත් 20 වැනි දින පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරන ලදී.

ඉන් එක් අයෙක් ඇඩ්ලොෆ් හිට්ලර් බවත් අනිත් තැනැත්තා චාලි චැප්ලින් බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා දෙදෙනාටම උඩුරැවුල තිබූ බවද සභාවට මතක් කර දුනි.

හිට්ලර් මුළු ලෝකයම ඇඬ වූ බවත් චාලි චැප්ලින් මුළු ලෝකයම හිනැස්සූ බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා මේ බඩු දෙකම දැන් ලංකාවේ තිබෙන බවද සඳහන් කරන ලදී.

මේ බඩු දෙකම දැන් ලංකාවේ ඉන්න නිසා බය වෙන එක අහන්න දෙයක් දැයි මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ප්‍රශ්න කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 January 2021 14:51