March 01, 2021

ඇමති දයාසිරි ඇත්තම කියයි : කොරෝනා පාලනයෙන් ගිලිහි අවසන් - පාලනය කර ගැනීම රජයට අභියෝගයක් (VIDEO)

අද වන විට මෙරට තුල කොරෝනා පාලනය ගිලිහී අවසන් බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

කොරෝනා පාලනය යනු දැන් අතිශය අභියෝගාත්මක තත්ත්වයක් බවත් රජයට මෙය පාලනය කර ගැනීමට අපහසු බවත් ඔහු කියා සිටියි.

තම ඉල්ලීම නම් දැන් කොරෝනා ආසාදිතයන් නිවෙස්වලම නිරෝධායනයට ඉඩ සැලැස්වීම බවද ඔහු පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ අන්තර්ජාල නාලිකාවක පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

කොරෝනා සුවපත් වීම සදහා තමන් කිසිවකුගේ පැණියක් නොබිවු බව පැවසූ ඔහු තමන් වෙනුවෙන් ගෙන එන ලද පැණි ගෙදර ගේට්ටුවෙ එල්ලන යැයි පැවසූ බවද සඳහන් කළේය.

කොරෝනා ආසාදිත වි ඉන් සුවවීමෙන් පසු මුල් වරට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 21 January 2021 09:55