April 26, 2024

අනුර කුමාර ගව ඝාතනය තහනම් කිරීම නීතිගත කරන්න ඉල්ලයි(වීඩියෝ)

අග්‍රාමාත්‍යවරයා අවස්ථා කීපයකදී ගව ඝාතනය  තහනම් කරන බව ප්‍රකාශ කරත් එය හුදෙක් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා දිවුරුම් දීම වෙනුවෙන් කරනු ලැබූ එකක් බවට අද පාර්ලිමේන්තුවේ දී අනුර කුමාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා. එය මෙතෙක් ක්‍රියාත්මක නොවී ඇති බව සඳහන් කර අනුර කුමාර මන්ත්‍රීවරයා  ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා දිවුරුම් දීමේ පුවත එදින මාධ්‍යයන්හි ප්‍රධාන පුවත වීමට ඉඩ තිබියදී ගව  ගව ඝාතනය නැවැත්වීම පිළිබඳව යෝජනාවක් ගෙනාවේ එය යටපත් කිරීමට බව ඔහු චෝදනා කරා. නමුත් එතැනින් පසු සතියක් ගිය තැන ද ගව ඝාතනය නතර කිරීම පිළිබඳ තීන්දුව කල් දමනු ලැබූ බවත් මේ වන විට ගව ඝාතනය නතර කිරීමේ චෝදනාව රැගෙන විත් මාස දෙකක් ගතවී ඇතත් අද වන තෙක් කිසිඳු දහසක් ඒ පිළිබඳව නැති බව ඔහු ප්‍රකාශ කර සිටියා. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 January 2021 14:42