April 26, 2024

නිරෝධායනය වෙන්න ඕන විමල් වීරවංශ පාර්ලිමේන්තු ආවේ ඇයි ?( වීඩියෝ )

පාර්ලිමේන්තුවේ දී අදහස් දැක් වූ නලින් බණ්ඩාර මන්ත්‍රී වරයා,  සහෝදර  මන්ත්‍රීවරයෙක් වන පියල් නිශාන්ත මහතාට කොවිඩ් වැළඳී ඇති බවත් ඔහුත් සමග සිටි විමල් වීරවංශ අමාත්‍යවරයාත්  මහින්ද අමරවීර මන්ත්‍රීවරයාත්  නිරෝධායනය වනවා වෙනුවට පාර්ලිමේන්තු පැමිණ ඇති බවත් එය කොවිඩ් නීති  රීති උලල්ංඝනය කිරීමක් බවත් පෙන්වා දුන්නා . ගමක පොඩි මිනිසාට ඇති නීතිය ලොකු මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක නොවන බවත් ඔහු ප්‍රකාශ කර සිටියා . ධම්මික පැණිය ගත්තත්  පියල් නිශාන්ත මහතාට කොවිඩ් වැළඳුනු සිද්ධියෙන් පෙනී යන්නේ ආණ්ඩුව මිත්‍යාව පතුරවමින් සිටින ආකාරය බව ඔහු  පවසා සිටියා .ගිය සමයේ " ස " ෆේල් යනුවෙන් ප්‍රකාශ කිරීම නිවැරදි බවත් " ස " කළ යුත්තේ වැරදුනේ කොතනදැයි විමසා බලා වැරදි සකස් කර ගැනීම කළ ය්තු බවත් අවධාරණය කර සිටියා .  

Rate this item
(0 votes)
Last modified on Tuesday, 19 January 2021 15:59