April 26, 2024

රන්ජන් සමාජ දූෂකයෙක් තමයි - මෙන්න කරපු වැඩ ටික : ලංසා කියාගෙනම යයි

නලින් බණ්ඩාර මහතාගේ කසිප්පු රංජන් රාමනායක මහතා විකුණනේ නැති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ඔහුගේ නම විපක්ෂයේ මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සදහන් කිරීම මුල් කොටගෙනය.

තමා රන්ජන් රාමනායක මහතා සමාජ දූෂකයෙක් කිව්වේ රංජන් රාමනායක මහතා නාමලී මහත්මියට ලක්ෂ 10 ක වංචාවක් කිරීම උසාවියේ විභාග වෙන බවත් වාහන බලපත්‍රය දෙවතාවක් විකුණා උසාවියේ නඩු තිබෙන නිසා බවද පෙන්වා දෙන ලදී.

රාජ්‍ය අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කොකේන් ගහන බවට කළ ප්‍රකාශය ද සභාවට මතක් කර දෙන ලදී.

නඩුකාරයින් කෝටි ගණන් මුදල් ගන්නා බව ප්‍රකාශ කරමින් ව්‍යවස්ථාදායක මෙන්ම අධිකරණය අපහාසයට ලක් වන ආකාරයට රාමනායක මහතා කතා කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 19 January 2021 16:11