April 27, 2024

ශ‍්‍රි දළදා මාළිගාවේ තත්වය අවුලක් නැහැ.

ශ‍්‍රි දළදා මාළිගාවේ තේවාව භාර ස්වාමින්වහන්සේලාට හා දළදා මාළිගාවේ සිවිල් කාර්ය මණ්ඩලයේ කිසිදු පුද්ගලයෙකුට කොවිඩ්-19 ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. 

ඒ, දළදා මාළිගාවේ තේවාව භාර ස්වාමින්වහන්සේලා 5 නමකගේ හා දළදා මාළිගාවේ සිවිල් කාර්යමණ්ඩලයේ 115 දෙනෙකුගේ අද (18) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේ ප්‍රතිඵල ලැබීමෙන් පසුවය.

මහනුවර දළදා මාළිගාවේ පොලිස් මුරපොළේ නිලධාරින් පිරිසකට කොවිඩ් ආසාදනය විම හේතුවෙන් එහි සේවය කරමින් සිටි නිලධාරින් 231 දෙනෙක් ඊයේ (17) නිරෝධාය සඳහා යොමුකර තිබුණි.

එම නිලධාරීන් පිරිස වෙනුවට වෙනත් නිලධාරින් 189 දෙනකු අනුයුක්ත කිරිමට ද ඊයේ දින කටයුතු නොට තිබුනා. 

ඒ අනුව, ශ‍්‍රි දළදා මාළිගාව කොවිඩ්වලින් ආරක්ෂිත බව තහවුරු වී ඇති බවත් එබැවින් ඒ පිළිබඳව කිසිවෙකු අවිනිශ්චිත තත්ත්වයක් ඇතිකර ගැනීම හෝ බිය නොවිය යුතු බවත් නිල ආරංචි මාර්ග සදහන් කලා 

Rate this item
(0 votes)