April 26, 2024

බේකරි නිෂ්පාදන මිල ඉහළට

ආනයනික ෆාම් ඔයිල් සහ ආනයනික මාගරින් සඳහා පනවා ඇති බදු වැඩි කිරීම හේතුවෙන් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉදිරියේදී ඉහළ දැමීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවැසීය.

එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පැවැසුවේ ඉදිරි සති දෙකේදී මෙම මිල ඉහළ දැමීමට ක්‍රියා කරන බවයි.

වැඩිවන මිල සම්බන්ධව තවමත් තීරණයක් ගෙන නොමැති බවද ඔහු කීවේය.

Rate this item
(0 votes)