April 26, 2024

පාර්ලිමේන්තුව හෙට පවත්වනවාද නැද්ද තීරණය අද පක්ෂ නායක රැස්වීමේදී

කොවිඩ් වසංගත තත්වය පාර්ලිමේන්තුවට ද බලපා තිබීමේ හේතුවෙන් හෙට (19) නියමිත පරිදි පාර්ලිමේන්තුව පවත්වනවාද  නැද්ද යන්න අද (18) රැස් වන පක්ෂ නායකයින් (business committee) විසින් තීරණය කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වෙන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 3 දෙනෙකුට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් තමන්ට සති දෙකක නිවාඩුවක් ලබාදී පාලිමේන්තුව වසා දමන ලෙස කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

එසේ නොවුණහොත් පාර්ලිමේන්තුව තුළින්ද කොවිඩ් පොකුරක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව ද පාර්ලිමේන්තු සේවකයන් පෙන්වා දී තිබේ.

Rate this item
(0 votes)