April 27, 2024

ආරක්ෂක ලේකම්කමේ කොන්ද ඔෆිස් එකේ තියලද ආවේ? - මර්වින්ගෙන් සැර කතාවක්

කිසිවකුට අවශ්‍ය පරිදි වහසි බස් දෙඩීමට ශ්‍රී ලංකාව තුළ ඉඩ දීමට නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා පවසයි.

ප්‍රභාකරන් කෙනෙකු බිහි වීමට ප්‍රධාන හේතුව මෙරට රාජ්‍ය නායකයින්ට කොන්දක් නොතිබීම බවත් දොරෙයිඅප්පා ඝාතනය කල අවස්ථාවේ නිසි පිළියම් ගත්තේනම් එතැනින්ම එය අවසන් කිරීමට තිබු බව ඔහු පැවසීය.

යම් යම් ප්‍රකාශ හේතුවෙන් ජාතින් අතර ගැටළු ඇතිවීමට ඉඩ නොතැබිය යුතු බවත්, ඒවාට එරෙහිව ක්‍රියාත්මක වීමට නොහැකි නම් “ජනාධිපතිතුමනි ආරක්ෂක ලේකම් කමේ කොන්ද Office එකේ තියලා ආවද?” යැයි විමසීමට සිදු වන බවත් ඒ මහතා එහිදී සඳහන් කරනු ලැබිය.

අසාත් සාලිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ජනාධිපතිගේ කොන්ද කොහේදැයි ඔහු මෙහිදී විමසා සිටියහ.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 16 January 2021 20:12

Related items